මට ආඩම්බරයි, සහෝදරයා !!!



පහුගිය නිවාඩු කාලේ හතර අතේ ඇවිදිනකොට, කාලෙකට පස්සේ හොද බුවෙක් සෙට් උනා.. අපි හැමෝන්ටම ආදර්ශයක් ගන්න පුළුවන් නිසා ඒ විස්තරේ ලියන්නයි හදන්නේ…

මිනිහා ලංකාවේ දෙමළ පොරක්.. අවුරුදු 20 කට ඉස්සර තමයි රටින් පිටවෙලා තියෙන්නේ… මිනිහට අවුරුදු 18දී විතර.. ඒකාලේ යුගොස්ලෝවියාවට යන්න වීසා ඕන නැතිලු..( දැන් යුගොස්ලෝවියාව රටවල් ගානකට කැඩිලානේ…) ඉතිං කට්ටියට ඉතාලියටයි පනින්න උවමනාව තිබිලා තියෙන්නේ: යුගොස්ලෝවියාවට යනවා කියලා.. කොහොම හරි Thailand (Bangkok) , Italy ( Rome) හරහා තමයි යුගොස්ලෝවියාවට ඇවිත් තියෙන්නේ… (ඉතාලියට යන්න ඕනේ උනත්, එතනදී කෙලින්ම පනින්න අමාරුයිලු..)


ඉතිං, මුන්ට යුගොස්ලෝවියාවේ දී Airport එකින් එලියට යන්න නම්, එක්කෙනෙක් ගාව ඩොලර් 1500 ක් තියෙනවා කියලා පෙන්වන්න ඕනෙලු. මුන් ඕක එච්චර වර්චස් වෙයි කියලා හිතලා නෑ… දැන් ඉතිං කරන්න වෙන දෙයක් නෑනේ.. කට්ටිය ඔක්කොම 25 දෙනෙක් ඉදලා තියෙනවා… හැමෝගෙම තිබුනු සල්ලි එකතු කරාම ඩොලර් 6000 කට වඩා නැතිලු… ඉතිං කට්ටිය ඔක්කොම එකතු වෙලා, ඒකටත් ප්ලෑනක් ගහලා.. එක එක්කෙනා, චෙක් පොයින්ට් එකින්, සල්ලි පෙන්නලා පර්ස් එක බෑග් එකට දාලා, තමුන්ගේ බෑග් එක එතනම තියලා, ඊලග එකාගේ බෑග් එකලු වැරදිලා වගේ අරන් යන්නේ(පෝලිමට නේ ඉන්න ඇත්තේ)… ඔය විදියට කට්ටිය ඔක්කොමලා එතනින් පැනගෙන…. කොහොම හරි, දවස් ගානක් ඇවිදන් ගිහින් තමයි, ඉතාලියට ඇතුල් වෙලා තියෙන්නේ… මට මචං ෆිල්ම් එක මතක් උනා මේක ඇහුවම...


ඉතාලියට ගියා වගේ නෙමේ ජීවත් වෙන්න අමාරුයිලු.. ඉන්න තැනක් නෑ… රස්සාවක් දෙන්න කෙනෙක් නෑ…භාෂාව දන්නේ නෑ… කොහොම හරි, නිදාගෙන තියෙන්නේ මාළු බෝට්ටු යට…උදේට අයිතිකාරයෝ ඇවිත් පයින් ගැහුවමලු ඇහැරෙන්නේ… උදේට ටොයිලට් යන්න උවමනාවට යනවලු කෝපි එකක් බොන්න; එතකොට නිකන්ම ටොයිලට් එකකට යන්න පුලුවන්නේ… (නැත්නම් ඒකට වෙනම සල්ලි ගෙවලා යන්න එපැයි)..


ඔන්න එක දවසක් මාර සීන් එකලු…අන්තිමටම තිබුනු සල්ලි ටික දීලා කෝපි එකක් ඕඩර් කරලා… ටොයිලට් එකට ගියාම එතන බෝඩ් එකක් ගහලලු ඒක රෙපෙයාර් කරන්න වහලා කියලා…. මට මිනිහා කියන කොට දුක හිතුනා… එදා, ඒ අමාරුව ඉවසා ගන්න බැරුව, අහස දිහා බලාගෙන දෙයියොන්ට කිය කියා හොදටම ඇඩුවා කිව්වා…


ඔහොම අනාතයෝ වගේ ඉදලා ගෙවල් වල පඩි හෝදන්න පටන් අරන් තියෙනවා… කෙලින්ම ඇතුලේ ජොබක් ගන්න අමාරුයිනේ…. ටික කාලෙකට පස්සේ බාත් රූම් හෝදන්න පටන් අරන්… තව කාලයක් ගියාම තමයි, විස්වාසයක් ගොඩ නැගුනම ගේ ඇතුලේ වැඩ දෙන්නේ… ඒ මිනිස්සු හරිම ලෝබයිලු… Under wares ටිකක් මිල වැඩි නිසා, සවුත්තු වෙනවා කියලා , Washing mechine දාන්න දෙන්නේ නැතිලු.. ඉතිං මිනිහාට ඒවත් ඔක්කොම අතින් හෝදන්න සිද්ද වෙලා… ඒ හැම වෙලාවකම ලංකාව මතක් වුනා කිව්වා… ඔහොම ඔහොම, අවුරුදු 10 ක් යනකල්ම කට්ට කාගෙන, සල්ලී හම්බ කරලා…අක්කලා, නංගිලාට දෑවැද්ද හදලා දීලා, උන්ව බන්දලා දීලා… අම්මලාට ගෙවල් දොරවල් අරන් දීලා (යාපනේ තිබුනු ඉඩම් කඩම් හැම දේම දාලා තමයි මේගොල්ලෝ කොළඹ ඇවිත් තියෙන්නේ….)


ඔහොම ඉන්න කොට Austrian කෙල්ලෙක් එක්ක යාළු වෙලා… ඒත් මිනිහා බැදලා ඔස්ට්‍රියාවට යන්න අකමැති වෙලා…. කොහොම හරි ඔක්කොම දාලා මිනිහා ලංකාවට ගියාම, කෙල්ලත් මූව හොයාගෙන ලංකාවටම ඇවිත්…. ඊට පස්සේ අවුරුදු 10 ක් තිස්සේ ඔස්ට්‍රියාවෙලු.. දැන් ළමයි 3ක් ඉන්නවාලු… තව එක්කෙනෙක් on the way.(යුරෝපීය රටවල් වල, පොඩි ලමයින් නඩත්තුවටත් ගානක් හම්බ වෙනවා. ඉතිං වෙන රටවලින් එන අය, කරන්නේ ඇති වෙනකල් ලමයි හදන එක තමයි) මිනිහා හොද රස්සාවක් නෙමෙයිලු කරන්නේ… ඒත් මිනිහා සතයක් වත් නාස්ති කරන්නේ නැතිලු…. මිනිහා කියනවා එයාගේ Office එකේ, එයාට පහලින් ඉන්න මිනිස්සු පවා කන්න, තේ බොන්න ඒකේ තියෙන කැන්ටින් එකට, දවසකට යූරෝ 10-15ක් වැය කරනවා.. ඒත්, එයා ගෙදරින් කෑම ගෙනියනවා, තේ බෝතලේ පවා ගෙදරින් ගේනවා.. දරුවොන්ටත් කෑම ඔක්කොම පාර්සල් කරලා දෙනවා…හැබැයි එයාලා කටට රහට, හොද පෝෂ්‍යදායක දේවල් කනවා කියලා…


මෙයාගේ දරුවොත් අර පිරිමැස්මට පුරුදු කරලා කියලා මට තේරුනා: මාත් එක්ක කතා කරේ Indian Restaurant එකක කන ගමන්…ලස්සන පොඩි ගෑනු ළමයෙක්.. හැබෑම ලස්සනයි..අවුරුදු 8 ක් විතර ඇති… ඒත් අරපිරිමැස්ම ගැන හොදට දන්නවා. තියෙන ලාබම කෑම තමයි; තේරුවෙත්… ඉතුරු කෑම ටික ගෙදර ගෙනියන්න දෙනවද කියලත් ඇහුවා…. (තමුන්ට, ඕනේ නම් ගෙනියන්න පුලුවනි).. ඉතිං ඌ කියනවා මෙහේ මිනිස්සු , එයාගේ බොස් පවා පුදුම වෙනවලු මිනිහාගේ සූර කම ගැන… මිනිහා කාමර 5ක් තියෙන ලොකු ගෙයක් සල්ලි වලට අරන්.. කාර් එකක් තියෙනවාලු… හැම මාසෙම, ලමයින්ගේ පොත් වලට සල්ලි දානවලු.. තව ගෙදරට සලකනවලු.. මෙහේ අනිත් දෙමාපියන්ට, කරන්න බැරි දේවල් පවා දරුවන්ට කොහොම හරි කරනවලු. ඒ කිව්වේ හැම පන්තියටම වගේ යවනවලු…. ඕනේ හැමදේමත් අරන් දෙනවලු...


ඇත්තටම මට මේ කතාව ඇහුවම ලංකාවේ අපේ උදවිය ගැන ලොකු ආඩම්බරයක් ඇතිවුනා… අපි සිංහල, දෙමළ කියලා ලංකාවේදී මරා ගත්තට, වෙන රටකට ආවම අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ…. අපි ඔක්කොම එකයි…
ඇත්තටම මට ආඩම්බරයි සහෝදරයා !!!! Well done man !!!!

13 comments:

-බිன்ku- said...

ජය ශ්‍රි! පට්ට ලිපිය!

මටත් මතක් වෙන්නේ මෙහේ ඉන්න පොරක්, ගියපාර පත් වෙච්ච ලිබරල් පක්ෂය ලංකාවේ ද්‍රවිඩ අයට එන්න වාර ප්‍රසාදයක් තියෙද්දි හොරෙන් ආපු ඔය වගේ කෙනෙක් බස්වල තාප්ප වල Graffit මකන ජොබ් එකක් කරලා ජංගම වැසිකිලි සුද්ද කරන රස්සාවකුත් කරලා දැන් එයා කැනඩාවේ ප්‍රකට ලංකාවේ හා දකුණු ආසියානු ආහාර හා භාණ්ඩ බෙදෙන් කෙනෙක් වෙලා. පසුගිය කාලවලදී කොටි හිතවාදී උද්ශෝෂණවලදී මාර විරුද්ධත්වයක් දැක්වුවා. :)

DD said...

It should be Yugoslavia. Not Yugoslovakia.
http://en.wikipedia.org/wiki/Yugoslavia
Yugoslavia=Slovenia+Croatia+Bosnia+Serbia+...

There was another country called Czechoslovakia.
Czechoslovakia=Czech republic+Slovakia

දසුන් මධුසංඛ වානගුරු said...

jaya weewa saho....

m3mad said...

උඹේ කතාව සහතික ඇත්ත. පිටරටවලදි අපි සිංහලද දෙමළද මරක්කළද කියල උන්ට වැඩක් නැහැ. අහන්නෙ Sri Lankanද (සමහර වෙලාවට Ceyloneseද) කියල විතරයි. ඊට පස්සෙ අහන්නෙ රට ගොඩක් ලස්සන රටක් නේද කියල. දැන් නම් කොටින්ව පරාද කළා නේද කියලත් අහනව.

LazyOwl said...

Nice. Thanks for sharing."මට ආඩම්බරයි සහෝදරයා"; me too.

.::පිස්සා::. said...

ඔන්න යුගොස්ලෝවියාව කියලා නිවැරදි කරා... බොහොම ස්තූතියි...

malee_msg said...

එහෙම බලද්දි අපිට හෙණ ගනවා මේහෙම කාලේ කනවට!

LishWish said...

පපුවට වදින කතාවක්.., මේ උඹට පිස්සා කියල කිව්වට මට වෙලාවකට හිතෙනව උඹට පිස්ස කියන අපිටද පිස්සු කියලා. ඇත්ත නම දන්නෙත් නෑ නෙව කතා කොරන්න. දුක තමා...? ;)

.::පිස්සා::. said...

@ බිංකු මලයා- ඔව් ඒ වගේ උත්සාහවන්ත,පොරවල් දැක්කම ඇත්තටම ආඩම්බරයි..
@ DD- මම ලියන ඒවයි වැරැද්දක් තියෙනවා නම්, අනාගතයෙත් පෙන්වලා දෙන්න... බොහොම ස්තූතියි වැරැද්ද පෙන්නුවට...
@ දසුන් මල්ලි - ස්තූතියි සහෝ !!!
@ m3mad- ඔව්.. ඒක සහතික ඇත්ත... ඒ රටවල උදවිය දන්නවා යැයි, අපේ තියෙන 'තුප්පහි වර්ගවාදය'.
@ LazyOwl- ස්තූතියි සහෝ !!!
@ malee නගා- ඒක ඇත්ත.. වෙලාවකට හිතෙනවා, කාලේ කාගෙන අපි හීන ලෝක වල ජීවත් වෙනවද කියලත්... හි හි හෙණේ පත්තු වෙන්නේ අපේ ජීවිත වලටමයි..
@ LishWish- හි හි නම මොකටද බං කතා කරන්න... ඔය තියෙන සහෝදරකමට බොහොම පිං.....

මුචලින්ද said...

කොච්චර හිතට වැදුනද කිව්වොත් මම ඕක කියවපු දවස් වල ඕකට කමෙන්ටුවක් දාන්නත් හිතාගන්න බැරිවුනා.ඒත් මම ඕක මගේ මූණු පොතේ තාප්පේ ඇලෙව්වා.කොහොම උනත් උපරිම ළිපියක් වගේම හොඳ චරිතයක් ගැන ලියපු ලිපියක් !

.::පිස්සා::. said...

බොහොම ස්තූතියි මලයෝ.....

දුකා said...

niyama post ekak machan . . . pissu hadenawaa . ..

Sagara said...

හිතන්න දෙයක් දුන්න වටින ලිපියක්. ස්තූතියි සහෝදරයා.

Post a Comment

 

© ප්‍රකාශන අයිතිය පිස්සාගේ ලෝකය . සියලු හිමිකම් ඇවිරිණි.

හැඩකලේ LishWish