'වන්දනාව'



තමුන්ගේ අම්මලාව දඹදිව යවන එක මහා 'අනුහස් දෙයක්' වගේ ලොකු ලොකු උදවිය හිතන විත්තිය, මට සමහර පත්තර වලට, ඒ උදවිය කියලා තියෙන දේවල් වලින් තේරුනා… සමහරු අම්මලාව දඹදිව යවපු එක ගැන පුරාජේරුව කියවනවා.. සමහරු යවන්න බැරි උනු එක ගැන පසු තැවෙනවා…. ඒකට හරියන්න වෙන පින් දහම් කරනවා…

මම මේ කියන්න යන කතාවත් වන්දනාවකට සම්බන්ධයක් තියෙනවා… අපේ ආයතනයේ ණය කටයුතු වලට සම්බන්ධ රස්සාවකුයි මම කරේ.. ඉතිං දවසකට දුක් ගැනවිලි තොගයක් අහන්න ලැබෙනවා නේ.. ඉතිං අපේ ලිපිකරු තනතුරක් දරන, මම මේ කියන්න යන කෙනාටත් ණයක් ඕනේ වෙලා (කොල්ලෙක්)… ණය ඉල්ලන කාරණාව විදියට දාලා තියෙන්නේ වන්දනාවේ යෑම කියන කාරණය. ඉතිං අපේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන කෙනා ඒ, ලිපිගොණුව යටට දාලා.. හදිස්සිම දෙයක් නොවන නිසා…මොකද අනිත් උන්දැලා රත්තරන් බඩු බේරා ගන්න, වහලය අළුත් වැඩියා කරන්න, වගේ ටිකක් 'සිරා' කාරණාවල් ලියලා තමයි ණය ඉල්ලන්නෙත්… ඒත් ඉතිං මිනිහා ඇත්තම ලියලනේ.. ඉතිං ප්‍රමුඛතාව දෙන්න විදියක් නෑ..

ඉතිං මේ මනුස්සයා ඇවිත් මාව හම්බවෙලා විස්තරේ කිව්වා.. මිනිහට ණය මුදල ඕනවෙලා තියෙන්නේ, හඟුරන්කෙත තමුන්ගේ ගමේ ජීවත්වෙන, කවදාවත්ම වන්දනාවේ ගිහින් නැති, අහිංසක වයසක උපාසක අම්මලා ටිකක් වෙසක් එකට වට වන්දනාවේ එක්කන් යන්න.. මිනිහා ගතිපු අනිත් ණය වල හැටියට, ලොකු මුදලක ණයක් දෙන්නත් බෑ.. අන්තිමට මම පුළුවන් උපරිමය අනුමත කරලා දුන්නා… මිනිහා ඒ මුදලෙන් ලස්සනට වැඩ ටික කරන් ඇවිත් තිබුනා.. මටත් හරි සතුටු හිතුනා… ඒත් ඒ මනුස්සයා ණය මුදල අවුරුදු 5ක් තිස්සේ ගෙවන්න එපැයි....

මේ අනිත් කතාව:
ගමේ පන්සලෙන් සංවිධානය කරපු නඩයක් එක්ක , සති 2-3කට ලක්ෂ දෙකක් විතර නාස්ති කරලා අපේ අම්මාත් දඹදිව ගිහින් ආවා, දැන් අවුරුදු 2කට ඉස්සරවෙලා… ඒත් මගේ පෞද්ගලික මති මතාන්තර වලට අනුව, අපේ අම්මා කරේ මම අමාරුවෙන් එකතු කරපු සල්ලී ටිකක්, නාස්තිකරලා ආපු එක.. ගමේ අනිත් අය, යනකොට අපේ අම්මාට දුක හිතෙයි කියලායි මම සල්ලී දුන්නේ… අම්මාට ඕක ගැන එච්චර ආසාවක් තිබුනෙත් නෑ… මම ඕක මහ මෙරක් කියලා හිතුවෙත් නෑ..

මම මේ කියන්නේ, දඹදිව යන එකින් පිං රැස් වෙන්නේ නෑ කියලා නෙමෙයි… ඒත් පිං රැස්කර ගන්න, ඊට වඩා වැඩි යමක්, ඒ මුදලින් සමාජයට කරන්න පුළුවන් කියලයි මට නම් හිතෙන්නේ… කවදාවත්ම ගමෙන් එළියට නොගිය; අඩුම තරමින් තමුනට ලඟින්ම තියෙන දළදා මාලිඟාවටවත් අඩිය නොතියපු, උපාසක අම්මලා කී දෙනෙක් අර වන්දනා ගමනෙන් සතුටු වෙන්න ඇත්ද? ඒ මනුස්සයාට ඒ පිං ඇතිවෙයි, සංසාරෙන් එගොඩ වෙන්න..

අපේ උගතුන් යැයි කියා ගන්නා ලොකු ලොකු ඇත්තොන්ට වැඩිය අර අපේ ලිපිකාර මහත්තයා කරපු වැඩේ ‘ අනර්ගයි’ කියලයි මට නම් හිතෙන්නේ… අපේ තියෙන්නේ පුහු මාන්නේ/ සෝබනේ, වෙන දෙයක් නෙමෙයි…. අපිත් ඒ විදියට හිතන්න ගත්තොතින් කොයිතරම් නම් හොදයිද?


9 comments:

LishWish said...

ඔව් හිතලා එහෙම කරන එක ගැන ගැටළුවක් නෑ. නමුත් මචං අද කාලේ අපේ අතේ ධනපාල ගැවසෙන විදිය ගැනත් අවබෝධය අරගෙන තමා මේ වගේ වැඩ කරන්න වෙන්නේ. අපේ සමහර අය නම් වන්දනාවේ යනවා කියලා යන්නේ වෙන වෙන වැඩ කරන්න නිසා.., ඒ අතින් මේ ලිපිකාර මහත්තයා කොරපු දේ නම් හරිම ආදර්ශමත්.
ඔය ඉහළ සමාජ සම්මත සමාජ සේවකයෝ කියලා ජාතියක් ඉන්නව නේද? ඔවුන් නිකම් බැලුං වගේ පෙනුම විතරයි ඇතුලේ මෙලෝ රහක් නෑ.
හරියට ජිල් බෝල හොද්ද වගේ.

තමීර said...

සහතික ඇත්ත මචං. දැන් කාලෙ සමහරු දඹදිව වන්දනාවෙ යන්නෙ වඳින්නම නෙවෙයි. සල්ලි පුළුවං කමට. අනික දැන් හැට පැන්නම දඹදිව ගිහිල්ල නැත්නම් සමහරුන්ට ඒක ලොකු අඩුවක් වගේනෙ.

NUWAN"s lane said...

ඈත්ත මචා කතාව...

malee_msg said...

මම මේ ලගදි බෝධියට ගියවෙලාවේ බුදුසරණ පත්තරෙයි සිංහල බෞද්ධයා පත්‍තරෙයි අරන් ආවා.. ඔයින් එක පත්තරේක තියෙන්නේ වැඩිපුරම දඹදිව චාරිකා.. අනේ මන්දා ඒ වයේ විස්තර වල සාප්පු සවාරිත් තියනවා.. සසර කෙටි කරගන්න යන වන්දනා ගමන් වලට සාප්පු සවාරි ඇතුලත් වෙන්නේ මොකටද මංදා....

.::පිස්සා::. said...

@ LishWish- හික් හික් නියම කතාව, ජිල් බෝල හොද්ද උඹ කාලා බලලා වගේනේ කතා කරන්නේ....

@ තමීර- ඔව් මල්ලී, තමුන්ට සල්ලි තියෙනවා, තමෞන් වැදගත් කියලා ලෝකෙට පෙන්වන්න තමයි මේ ඔක්කොම විගඩම් කරන්නේ...

@ NUWAN"s lane- ආ.. කෘෂි මහත්තයා... ගොඩාක් කාලෙකින් නොවැ... මම හිතුවා දැන් මගේ බ්ලොග් කියවන්නේ නැත්ද කියලත්..

@ malee නගා- ඔව්..ඒක නම් එහෙම තමයි... මම අපේ අම්මව බය කරලා ඇරියේ, අතරමං උනොත් කවුරුවත්ම නෑ.. තනියම එහෙට වෙලා ඉන්න වෙයි කියලා.. මට හොයන්න එන්න ටිකට් ගන්නත් සල්ලී නෑනේ කියලා.. ඒක නිසා ඕවයි වැඩිය ඇවිදින්නේ නැතුව ඇවිත් තිබුනා...
ඇත්තටම, තන්හාවට shopping ගිහිං අතරමං උනු අය ගොඩාක් ඉන්නවලු 'පිස්සෝ' වෙලා.... මට හිතුනේ අම්මලාව තනියම යවන්න හොද නෑ කියලයි...

දුකා said...

නියම ලිපියක් මචං . . . සෝබනේට පින් දහම් කරන එකෙයි . . . ආත්ම තෘප්තිය ලබන්න පින්දහම් කරන එකෙයි වෙනස උඹේ ලිපියෙන් නියමෙට පැහැදිලි කරලා දීලා තියෙනවා . . . . ඔය ජාතියේ මිනිස්සු මේ අපේ සමාජයේ තාමත් ඉන්නවානේ . .. ! ! කියලා දැනෙන හැඟීමම හිතට සතුටක් මචං . . . !

.::පිස්සා::. said...

@ දුකා- අපේ ගොඩාක් දෙනෙක් පින් දහම් කරන්නේ සෝබනේට තමයි.. එහෙම නොකරොත් සමාජයේ ගෞරවය ලැබෙන්නේ නෑ... අපේ අම්මා දඹදිව නොයැව්වා නම්,ගමේ මිනිස්සු කියයි, ළමයි ලොක්කෝ උනාට, කුණු ලෝබ කමට අම්මව යැව්වේ නෑ කියලා...
ගොඩාක් කට්ටිය පින් දහම් කරන්නේ එහෙම තමයි... ලෝකෙට පේන්න...

ඩනිෂ්ක said...

අනිත් කාරනය තමා අපේ අය එහෙ ගිහින් ටජ්මහල් බලන්නත් නිකන් කාලය සහ මුදල් නාස්ති කිරීම.

මොකද ටජ්මහල් වල බෞද්ධාගමිකයන්ට බලන්න/වදින්න දෙයක් නැ.

ඊට වඩා සීගිරි නගින එක හොදයි. :)
දඹදිව යෑම නම් තනිකරම දැන් බිස්නස් එකක් කරගෙන..
මෙහෙ අය එහෙ ඉන්න හිගන්නන්ට දෙන්න දෙවලුත් අරන් යනවා :D
(කමක් නැ එහෙට ගිහාම ඉන්නේ ජාත්‍යන්තර හිගන්නොනේ - පිං වැඩි ඇති)

.::පිස්සා::. said...

@ ඩනිෂ්ක- ඇයි තව එකක්, නිගන්ඨයෝ බලන්නත් එක්කන් යනවා නොවැ.. ඒකත් වැඩක් නෑනේ..
ටජ් මහල් බලලා මොනවා කරන්නද ඊටත් නහින දෙහින කාලේ..
බොරු සෝබන බං මේ හැම දේම..

Post a Comment

 

© ප්‍රකාශන අයිතිය පිස්සාගේ ලෝකය . සියලු හිමිකම් ඇවිරිණි.

හැඩකලේ LishWish