මේක ගොඩාක් කාලෙකට ඉස්සර මම අදුරණ අක්කා කෙනෙක්, වෙන රටකට යද්දි වුනු ඇබැද්දියක්. මට මේ අහම්බෙන් මතක් උනේ… මේක කට්ටියටම හොද අත්දැකීමක් වෙයි කියලා හිතලයි ලියන්නේ….ඒ අක්කාට ඔන්න විදේශීය සංචාරයක් යන්න චාන්ස් එකක් ඇවිත් සති 2 කට… ඉතිං එයාට හෙන ජොලී. මොකද එයාත් එක්ක එකට විශ්ව විද්‍යාලේ හිටපු තව අක්කා කෙනෙක්ලු අදාල අනිත් අමාත්‍යාංශයෙන් එයාත් එක්ක යවන්නේ.. දෙන්නම හම්බන්තොට පැත්තේ, Arts Degree තමයි තියෙන්නේ.. කඩ්ඩ එහෙමත් ටිකක් මඤඤං…
ඔන්න ඉතිං, මේ දෙන්නා රට යන මුල්ම වතාව.. දන්නවනේ එතකොට කොහොමද කියලා.. හතර වරිගෙම උන් එක්ක, හම්බන්තොට ඉදන් වෑන් හයර් කරන් Air port ඇවිත්, හැම එකාටම හතර ගාතේ දාලා වැදලා, අඩලා දොඩලා, ඉඹලා, හතර වරං දෙයියොන්ට බාර හාර වෙලා, ඔන්න ගමන යන්න පිටත් උනාලු..
මට එයාලා ගියපු රට කියන්න බෑ… මොකද ඒ අක්කාට විහිළු තේරෙන කෙනෙක් නෙමෙයි… මේක බැලුවොත් අහම්බෙන් වත්… මට ඉන්න හම්බ වෙන්නේ නෑ… ඉතිං හිතා ගන්න, ඔය මොකක් හරි දකුණු ආසියානු රටක්… ඒ රටට කෙලින්ම යන්න ලංකාවේ ඉදන් flights නැතිලු.. ඉතිං වෙන රටකට ගිහින් එතනින් අනිත් flight එක ගන්න වෙනවා. තේරෙන බාසාවෙන් කිව්වොත් transit එකක් තියෙනවා…
ඉතිං, මේ ගොල්ලෝ ලංකාවේ ඉදන් මුල්ම රටට ගිහින් … ඊලඟ flight එකට වෙලා තියෙනවනේ කියලා, Duty free එක පැත්තේ එහෙමත් කරක් ගහලා… කොහොම හරි, එයාලා, අදාල වෙලාවට අනිත් flight එක ගන්න ගියාම, එතනින් කිව්වලු, ඒ කියන ගුවන් යානය දැන් පැය 2කට කලින් පිටත් වුනා කියලා… ඒ අක්කා ඉතිං එතන මිනිස්සුත් එක්කත් බැරි මරගාතේ තර්ක කරන්න ගිහින්. එයාගේ ඔරලෝසුවේ වෙලාවත් එයාලට පෙන්නලා. එතකොට තමයි, මෙයාලගේ නොදැනුවත් කම ගැන ඒ රටේ මිනිස්සු තේරුම් අරන් තියෙන්නේ.. මේ අක්කලා, ඒ රටේ වෙලාව විදියට තමන්ගේ අතේ ඔරලෝසුවේ වෙලාව වෙනස් කරගෙන නෑ…. මෙයාලා හිතන් තියෙන්නේ, ලංකාවේ වෙලාව තමයි හැම රටේම වෙලාව කියලා… අන්තිමට , කොහොම හරි ඊලග flight එකේ යන විදියට , හරි ගස්සලා දීලා… දවසක්ම පරක්කු වෙලායි, අදාල රටට ගිහින් තියෙන්නේ….
මේක අපේ හැමෝන්ටම පාඩමක් වෙයි කියලයි ලිව්වේ…. මතක තියා ගන්න, අපි වෙන රටකට පය තියනවාත් එක්කම, තමුන්ගේ වෙලාවත් ඒ අදාල රටේ විදියට වෙනස් කර ගන්න… නැත්නම් ඉතිං මඤඤංම තමයි…
ඒ වගේම ලංකාවට ගොඩ බැස්ස ගමන් ලංකාවේ වෙලාව හදාගන්න මතක තියා ගන්න කියලාත්, කට්ටියට කියන්න කියලා මලී නඟා කිව්වේ .. මොකද ඔය වගේ රට ගිහිං ආපු මලියගේ යාළුවෙක් ලංකාවට ආවදාට පහුවෙනිදා පිරිමිළමයාව හම්බ වෙන්න ගිහින් තිබ්බේ පැය 2ක් විතර පරක්කු වෙලාලු..
එහෙම දෙයක් උනොත්, flight එක miss උනාට වඩා අන්තනේ... සමහර විට 'ජීවිතේම' miss වෙන්න වෙයි නේ.. ඒක නිසා අනේ ලංකාවට ආවමත් වෙලාව වෙනස් කර ගන්න, මතක ඇතුව..... ඒක ශරීර සෞඛ්‍යට ගුණ දායක වෙයි...
10 comments:
If she use her mobile, its automatically time adjusting. I used that way to confirm my time. Its an easy and accurate way..
DJ
හික් හික්..., මරු කතාව & කාට කාටත් හොඳ පාඩම
ela ela . .. mata mavila penawa ea akka meka dakapu gaman ubawa "මඤඤං" wenna ubata dekak anina hati . . hik hik . .
ඒ වගේම ලංකාවට ගොඩ බැස්ස ගමන් ලංකාවේ වෙලාව හදාගන්නත් මතක තියා ගන්න කියන්න.. මොකද ඔයවගේ රට ගිහිං ආපු මගේ යාළුවෙක් ලංකාවට ආවදාට පහුවෙනිදා පිරිමිළමයාව හම්බ වෙන්න ගිහින් තිබ්බේ පැය 2ක් විතර පරක්කු වෙලා..
@ ඇනෝ- අයියෝ ඇයි නියම නමින් කමෙන්ට්ස් දාන්නේ නැත්තේ?? ඔව් ඒකත් හොද අදහසක් තමයි.. ඒත් බැටරි බැස්සොත් ෆෝන් එකේ...ඔක්කොම ඉවරනේ...
@ තිලිණ- ආ... උඹ ඉන්නවනේ.. ගොඩාක් කාලෙකින් නේ... තැන්ක්ස් කමෙන්ට් එකට..
@ දුකා- ඒ අක්කා ගැහුවොත් නම් ඉවසන් ඉන්න පුලුවනි.. ඒත් එයා හැමෝම ඉස්සරහ බැන්නොත් නම් නෝන්ඩී.. එයාට විනාඩියකට වචන 1000ක් විතර කතා කරන්න පුලුවන්... කටට මම බයයි දුකා...
@ මලි නගා- ඔන්න මම ඔයා කියපු ටික බ්ලොග් එකේ දැම්මා... අනේ ඉතිං උඹේ යාළුවත් උඹ වගේම නැතෑ... හික් හික්....
අනේ පව් බන් ඒ අක්කා ....ඈති ඔයින් ගියා..
ඕක මොකද්ද,
මම ඉස්කෝලේ යන දවස් වල කී පාරක් නම් හවස හයට, උදේ හයයි කියලා ඉස්කෝලෙ යන්න ඇඳගෙන ඇද්ද ?
:P
@ නුවන්- ඇත්තටම පවු තමයි... ඒක අපි හැමෝන්ටම පාඩමක්...
@ LishWish- ඔයා ඉස්කෝලේ යන කාලේ විතරක් නෙමෙයි දැනුත් එහෙමනේ.... ඔයාට වෙලාවක් කලාවක් තියෙනවයැ..... මම මේ කිව්වේ, වෙලාවට කලාවට වැඩ කරන අක්කා කෙනෙක් ගැන....හික් හික්...
හික්.. ඔය කියන අක්කත් 'ජීවිතයම මිස් වෙයි' කියන බයට වෙන්ටැ වෙලාව වෙනස් කරගන්නෙ නැතුව ඉන්න ඇත්තෙ... ;) ;)
@ ගයන්ත- වෙන්ටෑ..වෙන්ටෑ...
Post a Comment